ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා.

සර්බියාවේ නොවැක් යොකැවිච් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. 

ශ්‍රී ලංකා “ඒ“ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෙකු ඇතුළත් කරගැනීම සඳහා තමාට රුපියල් ලක්‍ෂ 10ක අල්ලසක් ලබාදීමට පුදිගලයෙකු උත්සාහ කළ බව, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලෝක ටෙස්ට් කණ්ඩායමට තෝරා ගැනේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මාන අතුරින් වසරේ ක්‍රිකට් විනිසුරු ලෙස තේරී පත්වී දෙවැනි වරටත් ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය ලැබීමට ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන සමත් වී තිබේ.

අයර්ලන්ත “ඒ“ කණ්ඩායම සමඟ පැවති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගය ද ජය ගැනීමට ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායම අද සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු  යනවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ අැතිවු අබාධයකට ශ්‍රී  ලංකව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලියේන් ඉවත්කර තිබේ.

ලබන මස 07 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය සති දෙකකින් කල් දැමූ බව, ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය.

පන්දු රැකීමේදී ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස්ගේ තත්වය බරපතල නොවන බව කණ්ඩායම් කළමනාකරු ජෙරී වවුටර්ස් පවසයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර, තෙදින දිවා-රාත්‍රී පුහුණු තරඟය අද ඇරඹිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් යයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණු තරගය හෙට හෝබාට්හිදී ආරම්භ වීමට නියමිතයි.

සුපිරි ටෙනිස් ක්‍රීඩක බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේට ඔහුගේ සමකාලීන ක්‍රීඩකයෝ ගෞරවාන්විත සමුදීමක් ලබාදෙති.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය සමඟ සහභාගි වූ සමස්ත ක්‍රිකට් තරගාවලියෙන්ම පරාජයට පත්වෙති.

ධනුෂ්ක ගුණතිලක ආබාධයක් හේතුවෙන් හෙට පැවැත්වෙන ශ්‍රි ලංකා - නවසීලන්ත T-20 තරගයට සහභාගී නොවෙයි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂණ, වංචා පිළිබඳව තොරතුරු ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ජනවාරි මස 16 වැනිදා සිට 31 දක්වා දින 15ක සහන කාලයක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා - නවසීලන්ත එක්දින තරගය 3-0ක් ලෙසින් නවසීලන්තය අද ජයග්‍රහණය කරනු ලැබුවේ තෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 115කින් පරාජය කරමින්. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින තරගයේදී ලකුණු 21කින් ජය වාර්තා කිරිමට නවසීලන්තය අද සමත්විය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළහ. ඉනිම ආරම්භ කරනු ලැබුවේ, මාටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝ විසිනි.

බංගලාදේශ මහ මැතිවරණයට තරග වැඳුණු වේග පන්දු යවන ක්‍රීඩක මෂ්රෆී මොටාසා පාර්ලිමේන්තුවේ සිය ආසනය වෙන්කර ගැනීමට සමත් විය.

Latest News