ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

පෙබ 04, 2019

    ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද ලකුණු 366කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත්විය.

    ඒ අනූව, ඔස්ට්‍රේලියාව තරගාවලිය ජය ගත්තේ, තරග 2-0ක් ලෙසයි. කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු ඉනිම සඳහා ඔස්ට්‍රේලියාව ලකුණු 534ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පළමු ඉනිම වෙනුවෙන් රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 215ක් පමණයි. ලකුණු 319ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියාව, කඩුලු 3ක් දැවී ලකුණු 196ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවා, ශ්‍රී ලංකාවට දෙවැනි ඉනිමට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුන්නේය. ඒ අනූව, ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 516ක්.

    නමුත්, ශ්‍රී ලංකාවට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කර ගැනීමට හැකිවුණේ, ලකුණු 149ක් පමණයි. කුසල් මෙන්ඩිස් ලකුණු 42ක් සහ ලහිරු තිරමාන්න ලකුණු 30ක් රැස් කළේය. මිචෙල් ස්ටක් කඩුලු 5ක් බිඳ හෙලුවා. තරගයේ දී කඩුලු 10ක් බිඳහෙලූ මිචෙල් ස්ටක් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. තරගාවලියේ වීරයා පැට් කමින්ස්.

    Latest News