ජාන වෙනස් කළ කිකිළියන් මගින් පිළිකා සුවකිරීමේ හැකියාව ඇති බිත්තරක් නිර්මාණය කිරීමට පර්යේෂණකයන් පිරිසක් සමත්ව තිබේ.

උස් ගොඩනැගිල්ලක සිට අධි අවදානම් පිම්මකින් පොළොව කරා පැරිෂුට්ටයක් ආධාරයෙන් පැමිණීමට යුද හමුදාවේ නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු මේ දිනවල සූදානම් වේ.

තාක්ෂණය පදනම් කරගත් දැනුම් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලියට විශාල වශයෙන් ඒකාබද්ධවීමට හැකිවන අයුරින් තාක්ෂණ නගර ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.

සිංහරාජ, ලෝක උරුම වනභූමිය ආශ්‍රිතව වෙසෙන වන අලීන් දෙදෙනාගෙන් එක් අලියෙකු අතුරුදන් බවට පළවූ වාර්තා අසත්‍ය බව, තහවුරු වී තිබෙනවා.

උත්තර ධ්‍රැවයට ආසන්න අයිස් තට්ටු දියවීම වේගවත් වී ඇතැයි නවතම අධ්‍යයනකින් හෙළි වී තිබේ.

ජාතික රූපවාහිනියේ “Earth Watchman“ රුක් රෝපණ ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල කිලිනොච්චියේ දී හෙට පැවැත්වේ.

ලොව දරුණුතම මත්ස්‍යයා වෙත ළගා වීමට විද්‍යාඥයෝ පිරිසක් සමත්වෙති.

සෙනසුරු ග්‍රහයා වටා ඇති වළලු පද්ධතිය එම ග්‍රහයා බිහි වී විශාල කලකට පසු නිර්මාණය වී ඇති බව විද්‍යාඥයෝ පවසති.

විදුලි රැහැන් මත ලැඟුම් ගන්නා සංචාරක කුරුල්ලන් විශාල සංඛ්‍යාවක් ඇල්පිටිය නගරයේ දී මේ දිනවල දැකගත හැක.

මහනුවර මහල් ගොඩනැගිල්ලක දී ගින්නට හසුවූ තම දරු පවුල බේරා ගැනීමට දිවි හිමියෙන් ක්‍රියා කළ රාම් රාජ් පිළිබඳව මේ වනවිට රටම දන්නවා.

මාතර, කොටවිල කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අක්‍රිය වීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් පමණක් යොදා ගනිමින් ආරම්භ කළ ඉන්ධන පිරවුම්හලක් ගම්පහ දිස්ත්‍රික්කයේ නාල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

පිළිකා රෝගී මව රෝහල් ගතවීම නිසාවෙන් දරුවන් පස්දෙනෙකුගේ පාසල් ගමන ද අතහැර දමා අසරණ වී සිටින පුවතක් ගලේවෙලින් වාර්තා වෙයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන බොහෝ ගොවීන්ට ගිමන් හැරීමට හෝ එළවළු සකසා ගැනීමට ස්ථානයක් නොමැති කමින් ඔහු දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

මේ වන විට අප රටේ වන සතුන් නිසා සිදුවන වාර්ෂික වගා හානිය 40%ක් බව තහවුරු වී තිබේ.

ධීවර රැකියාවේ නිරතව සිටියදී බෝට්ටුව නැවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්‍ෂයට පත් වූ ධීවරයින් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ට රක්‍ෂණ වන්දි ප්‍රදානය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණ.

ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීම සඳාහ පාසල් අවධියේ සිටම එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

වකුගඩුවක් දන්දීමෙන් ලද  මුදලින් සිය විහාරස්ථානය ඉදිකිරීමේ නිරත භික්ෂූන් වහන්සේ නමක පිළිබඳ පුවත සැලවීමත් සමඟ දෙස් විදෙස් සැදැහැවත්තු විශාල පිරිසක් එම විහාරස්ථානයට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙති.

මුද්‍රණ යන්ත්‍රයකට අත සිරවූ සේවකයෙකු නිර්පද්‍රිතව බේරා ගැනීමට හැකිව තිබේ.

නව වසරේ ඉතාලියේ රෝම නගරයේ පළමු දරු උපත සිදු කිරීමට ශ්‍රී ලාංකික යුවලක් සමත් වෙති.

Latest News