ගැබ්ගෙල පිළිකා වළක්වන්න පාසල් අවධියේම එන්නත්

ජන 08, 2019

    ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීම සඳාහ පාසල් අවධියේ සිටම එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයක දී ඔහු මේ බව කියා සිටියේය. පාසල් දරුවන්ට උපකරණ බෙදා දීමට සහ ප්‍රදේශවාසීන්ට අඹ පැල බෙදා දීම වෙනුවෙන් උත්සවය සංවිධාන කර තිබිණ. එය සංවිධාන කරනු ලැබුවේ රාජිත සේනාරත්න පදනම විසින්. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News