කුඹුරේ දුක මහ පාරෙත් (ඡයාරූප)

ජන 09, 2019

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන බොහෝ ගොවීන්ට ගිමන් හැරීමට හෝ එළවළු සකසා ගැනීමට ස්ථානයක් නොමැති කමින් ඔහු දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රාබු රැගෙන ආ ගොවියෙකු වූ තම රාබු තොග අලෙවි නොවීම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ අසල පදික වේදිකාවේ තබාගෙන නිදා සිටි අයුරු අද පෙරවරුවේ අප වාර්තකරු කාංචන ආරියදාසගේ කැමරාවේ මෙසේ සටහන් වි තිබේ.

    මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රාබු කිලෝවක් රුපියල් 06ත් - 16ත් අතර මිළක් දක්වා වූ පහල බැස ඇති බව ව්‍යාපාරිකයෝ පවසති. එළවළු මිල විශාල වශයෙන් පහළ වැටීමත් සමග ගොවීන් දැඩි දුෂ්කරතා රැසකට මුහුණ පා සිටි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රාබු රැගෙන ආ මෙම ගොවියා මධ්‍යස්ථානයේ පදික වේදිකාවේ මෙයාකාරයෙන් නිදා සිටිය ද කිසිදු අයෙකුගේ අවධානයක් යොමු නොවීම ද සුවිශේෂී වූ කරුණක්.
    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකර ක්‍රිස්ටි විජේරත්න කියා සිටියේ ගොවීන්ට රැඳී සිටීමට ස්ථානයක් ඉදිරි කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව යි.

    ගොවින් වෙනුවෙන් ඉදිවූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතුළුවීමේ සිට වැසිකිළිය යාම දක්වාම මුදල් අය කරයි. උදේ සිට සවස් වන තුරු ගොවිපලේ මහන්සිවී වෙළදපලට පැමිණීමෙන් පසු තවත් පැය හතක් අටක් නිෂ්පාදන අලවිකර ගැනීම සදහා රැදී සිටියද කිසිදු පහසුකමක් හෝ වතුර පොදක් හෝ බිමට ස්ථානයක් නොමැති බව ගොවින් පවසති.

    දිවයිනේ සමස්ත එළවලු අවශ්‍යතාවයෙන් සීයට 70ක් පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවින් ගෙන එන එළවලු වලින් සපුරාලන බව ගොවි සංවිධාන කියා සිටිති.

    dambullafarmers1 px 900 19 01 09

    Last modified on බදාදා, 09 ජනවාරි 2019 12:00

    Latest News