මුද්‍රණ යන්ත්‍රය කපා සේවකයා බේරාගත් හිමිකරුවෙක්

ජන 06, 2019

    මුද්‍රණ යන්ත්‍රයකට අත සිරවූ සේවකයෙකු නිර්පද්‍රිතව බේරා ගැනීමට හැකිව තිබේ.

    අතට හානි නොවන ලෙස මුද්‍රණ යන්ත්‍රය කපා සේවකයා බේරා ගන්නා ලෙස හිමිකරු පවසා ඇත. රුපියල් කෝටියක් පමණ වටිනා නවීන යන්ත්‍රයට වඩා සේවකයාගේ ජිවිතය වටිනා බව අම්පාර නගරයේ මුද්‍රණාලයේ හිමිකරු තීරණය කිරීම නිසා සේවකයාගේ ජිවිතය බේරා ගැනිමට හැකිව තිබේ.

    රෝගියා රෝහලට ගෙන යෑමෙන් අනතුරුව ඔහුගේ අත ශල්‍ය කර්මයකට භාජනය කර වැඩිදුර ප්‍රථිකාර සදහා මහනුවර මහා රෝහලට යැවිමට කටයුතු කර තිබේ. දැනට ඔහු මහනුවර මහා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින් අතර සියලු දෙනාගේ උත්සහයේ ප්‍රථිපලයක් හැටියට එහුගේ අත බේරා ගැනිමට හැකිව ඇත.

    මේ පිලිබදව අදහස් දැක්වු වෛද්‍ය ගයාන් ගාල්ලගේ - “ මට මේ පණ්විඩය ලැබුන ගමන් ගමනක් යමින් හිටියේ ඒක නවත්වල මම මෙතෙන්ට ආවා ඇවිත් බලන කොට බරපතල තත්වයක් දැක්කේ. මේ ආයතනයේ අයිතිකරු මෙත්තානන්ද මහතා මැෂිම කපල සේවකයා බේරා ගන්න කැමැත්තෙන් හිටියා. පසුව මම මේ පිලිබදව අපේ වෛද්‍ය අධිකාරී හංස රාමානායක මහතාට දැනුම් දීලා අතිරේක වෛද්‍ය කන්ඩායමක් ඉක්මනින් ගෙන්වා ගත්තා. මම මැෂින් එකේ කෑලි කපන්න උපදෙස් දෙන අතරතුර වෛද්‍ය ප්‍රමිත ක්‍රිෂාන් තිලකරත්න මහතා ඇතුලු වෛද්‍ය කණ්ඩායම රොගියාට ප්‍රථිකාර ලබා දුන්න. මේ වැඩේ පහසු එකක් උනේ නැහැ. නමුත් අපි සාර්ථකව මැෂිමට අහුඋන කෙනාගේ අත නොකපා බේරා ගන්න උත්සහය සාර්ථක උනා. ඔහුගේ මානුෂික හැගිම පිලිබදව අපි ස්තුතිවන්ත වෙන්න ඔනේ.

    අයිතිකරු මෙත්තානන්ද රූපසිංහ මහතා - “ මෙම සිදුවිම වු අවස්ථාවේ මමත් ආයතනය තුල හිටියා. කෑ ගහන ශබ්දයට මමත් එතැනට දුවගෙන ගියා. යනකොට මුණසිංහ ගේ අත මැෂිමේ හිරවෙලා. එතකොට මැෂිම නැවැත්තුවා. ඔහු කිව්වා මැෂින් එක රිවස් කරන්න කියලා. මම එහෙම කරන්න ඉඩ දුන්නේ නැහැ. මෙයාගේ අත විනාශ වෙන නිසා. පසුව අපි මැෂිම කපන්න තීරණය කළා. එ අවස්ථාවේම වෑල්ඩින් කාර්මික ශිල්පීන්ට එන්න කිව්වා. ඒ අතරතුර අම්පාර මහ රෝහලේ වෛද්‍ය ගායාන් ගාල්ලගේ මහත්තයාට මම කථා කරා. ඒ ගමන්ම මේ ස්ථානයට ආවා. කෙටි වේලාවකදි වෛදවරුන් හෙදියන් ඇතුලු ගිලන් රථයක් ආවා ඇවිත් ලෙඩගේ ජීවිතය බේරගන්න උදව් කළ. මට අවශ්‍යතාවය තිබුනේ මැෂිම බේරගන්න නෙවෙයි. මගේ සේවකයා බේර ගන්න පැය දෙකක උත්සහයෙන් පස්සේ රෝගියා ගේ අත එලියට අරගෙන රෝහලට අරන් ගියා. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අම්පාර මහ රෝහලේ ගයාන් ගල්ලගේ මහතා ඇතුලු කාර්යය මණ්ඩලයට කරපු මෙහය පිලිබදව.

    මිල මුදල් තමන්ගේ යන්ත්‍ර සුත්‍ර ගැන කිසිවක් නොබලා කෝටියක් පමණ යන්ත්‍රයක් කපා දමා තමාගේ සේවකයාගේ අත බේරා ගැනිමට කටයුතු කර අම්පාර තරිදු ප්‍රින්ටර්ස් අධිපති මෙත්තානන්ද රූපසිංහ මහතාගේ මානුෂිය ගුණය පිලිබදව බොහෝ දෙනා ස්තුතිය පල කරති.

    Last modified on ඉරිදා, 06 ජනවාරි 2019 19:23

    Latest News