මාතර නගරයේ ඇති සියලුම කැළිකසළ බැහැර කරනු ලබන්නේ, කොටවිල ප්‍රදේශයටයි. කසළ ප්‍රතිචක්‍රීකරණය සිදු නොවීම නිසා අධික දුර්ගන්ධයක් පවතින බව, ප්‍රදේශවාසීහු කියා සිටිති. මේ නිසා සිය දෛනික කටයුතු වලට ද බාධා පැමිණ තිබේ. අපජලය ගලා ගෙන ඒම නිසා ප්‍රදේශයේ වී සහ කොරටු ගොවිතැන් ද විනාශ වී ඇත.
කුණු කන්ද ආශ්‍රිතව සුනඛයින් 300ක් පමණ සැරිසරණ අතර, ප්‍රදේශවාසීන්ට එය ද ගැටලුවක් වී තිබේ. කැලිකසළ ආහාරයට ගැනීම නිසා දෛනික පක්ෂීන් විශාල ප්‍රමාණයක් මිය යන බව ද වාර්තා වේ. මෙම දැඩි පාරිසරික විනාශයට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.