ලොව දරුණුතම ප්‍රහාරකයා ළඟට ගිය ගමන (වීඩියෝ)

ජන 19, 2019
  • ලොව දරුණුතම මත්ස්‍යයා වෙත ළගා වීමට විද්‍යාඥයෝ පිරිසක් සමත්වෙති.

    අමෙරිකාවේ හවායි දූපත් ආසන්න මුහුදේ දී ඔවුන්ට එම දුර්ලභ අවස්ථාව උදාවිය. මෝර විශේෂයෙන් දරුණුතම ප්‍රහාරකයා ලෙස සැලකෙන සුදු මෝරෙකු ආසන්නයටම ළගා වූ අවස්ථාව ලෙස මෙය සැලකේ. මේ සතුන් සාගරය තුළ සිටින විශාල ජීවී කාණ්ඩයන්ගෙන් එකෙකි.

    දිගින් අඩි 20ක් පමණ වූ මෙම සුදු මෝරා, අදාළ සාගර කලාපයෙන් මෙතෙක් හමු වූ විශාලතම සුදු මෝරා බව ද විද්‍යාඥයෝ පවසති. දරුණුතම ප්‍රහාරකයෙකු වන සුදු මෝරා විශේෂය, මිනිසුන් සම්බන්ධව කිසිඳු ප්‍රියතාවක් නොදක්වන බවට විශ්වාස කෙරේ. එම නිසා, මෙම සුවිශේෂී සිදුවීම විදෙස් මාධ්‍ය තුළ දැඩි අවධානයක් හිමි කර ගැනීමට සමත්ව තිබේ.

     

    Last modified on සෙනසුරාදා, 19 ජනවාරි 2019 11:33

    Latest News