දිවි කැපකළ ධීවරයින්ට ඇමති දිලිප්ගෙන් වන්දියක්

ජන 08, 2019

    ධීවර රැකියාවේ නිරතව සිටියදී බෝට්ටුව නැවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්‍ෂයට පත් වූ ධීවරයින් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ට රක්‍ෂණ වන්දි ප්‍රදානය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණ.

    “සමුද්‍ර ශක්ති”රක්‍ෂණ හිමිකම යටතේ රක්‍ෂණ වන්දි ලෙස එක් ධීවරයෙකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 12 බැගින් ජිවිතක්ෂයට පත්වූ ධිවරයින් දෙදෙනාගේ යැපෙන්නන්ට රුපියල් ලක්‍ෂ 24 ක් පිරිනැමිණ. කළුතර ප්‍රදේශයෙන් ධීවර රැකියාවට ගිය ඒ.ඒ.අමිල පුෂ්පකුමාර සහ එම්.ධනුෂ්ක මදුශංක යන දෙදෙනා ධීවර රැකියාවේ නිරතව සිටිය දී බෝට්ටුව අනතුරට ලක්වීමෙන් ජීවිතක්‍ෂයට පත් විය. මෙම දෙදෙනා “සමුද්‍ර ශක්ති ” රක්‍ෂණය සදහා දායක වී ඇත්තේ 2018.09.11 දිනයි. එදිනට පසුදින (2018.09.12) මෙම අනතුර සිදු වී ඔවුන් දෙදනා ජීවිතක්‍ෂයට පත්විය.

    අදහස් දැක්වූ අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා..

    “ඇත්තෙන්ම මෙය ධීවරයා ලැබු විශාල ජයග්‍රහණයක්. මොකද මෙතෙක් ධීවරයෙකු වෙනුවෙන් මෙවන් වන්දි පිරිනැමීමක් වෙලා නැහැ. ස්වභාවික විපතක දී මිය ගිය ධිවරයින් සදහා පමණක් රුපියල් ලක්‍ෂ 10 ක රක්‍ෂණ වන්දි මුදලක් පිරිනැමුණා. නමුත් මම කලපනා කළා ධීවරයා මේ කර්මාන්තයේ නිරත වෙන්නේ තම ජීවිතය පරදුවට තියලා. ඒ ධීවරයා වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල අයට සහනයක් සැලසීමට වැඩපිළිවෙලක් තිබීම ඉතාම වැදගත් බව. ඒ අනුව මම මැදිහත් වෙලා මේ නව රක්‍ෂණ ක්‍රමය ආරම්භ කළා. ”

    Latest News