මවට පිළිකාවක්, කුසට අහරක්,පාසල් ගමනක් නැති දරු පිරිසක්

ජන 10, 2019

    පිළිකා රෝගී මව රෝහල් ගතවීම නිසාවෙන් දරුවන් පස්දෙනෙකුගේ පාසල් ගමන ද අතහැර දමා අසරණ වී සිටින පුවතක් ගලේවෙලින් වාර්තා වෙයි.

    දරුණු පිළිකා රෝගයකින් පෙලෙන මව මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර පොර බදිද්දී දරුවන් පස්දෙනා ආහාර නොමැතිවයි පාසල් ගමන ද අතහැර දමා අසරණවී ඇත්තේ.

    දරුවන්ගේ පියා වන කේ. ජී. කොඩිතුවක්කු මහතා පවසන්නේ සිය බිරිඳ බැලීමට මහනුවරට යාමට සිදුවීම නිසා තම දරුවන් පස්දෙනාගේ පාසල් ගමන අතරමග නැවතුණු බවයි. එම්. ජි. පද්මිණි (44) මහත්මිගේ තත්වය බරපතල බව රෝහල් බලධාරීන් දැනුම් දී තිබේ.

    මේ පවුලේ වැඩිමහල් පුතා තවමත් දාසය හැවිරිදි වියේ පසුවන අතර ඔහු ද සිය පියාට ශක්තියක් වෙමින් කුලී රැකියාවක නිරතවේ. දාහතර වියේ, දොළොස් වියේ සහ අට හැවිරිදි වියේ පසු වන දැරියන් 3 තිදෙනෙක් වේ.  දස හැවිරිදි තවත් පුතෙකු සිටියි. මේ පවුලේ සියලු දරුවන් පාසැල් වියේ පසුවේ.

    දිනකට එක වේලකින් සරිකරගන්නා මොවුන්, කැඩී ගිය සපත්තු, පාසල් බෑග් පෙන්වමින් හඬා වැටෙමින් කියා සිටින්නේ තමන්ට පාසල් උපකරණ නොමැතිකම  පමණක් නොව, තමන්ගේ මෑණියන් බැලීමටවත් යෑමට වත් මුදලක් නොමැති බවයි.

    ඉරිගිය ටකරන් කැබලි වලින් නිවසේ වහලය නිමවි තිබෙන අතර මෙම පවුලේ උදවියට වැසිකිළි කැසිකිළි පහසුකම් හෝ නොමැත.

    උදව්වක් ලබා දීමට ඔවුන්ගේ දුරකථන අංකය 071-2714724  - ලිපිනය - කේ. ජී. නිස්සංක කොඩිතුවක්කු, අංක 155 සී, මිගහහෙන යටිගල්පොත්ත, ගලේවෙල - ගිණුම් අංකය කේ. ජී. නිස්සංක කොඩිතුවක්කු 115 2000 37 224 මහජන බැංකුව, ගලේවෙල ශාඛාව.

    Nissanka 01Nissanka 03jpgNissanka 06jpg

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 18:33

    Latest News