රෝමයේ පළමු දරු උපත ශ්‍රී ලාංකික යුවලකගෙන්

ජන 03, 2019

    නව වසරේ ඉතාලියේ රෝම නගරයේ පළමු දරු උපත සිදු කිරීමට ශ්‍රී ලාංකික යුවලක් සමත් වෙති.

    අවුරුද්ද උදාවී තත්පර 10කට පසු උපන් බිළිඳා නම්කර ඇත්තේ “ඉතාලෝ බණ්ඩාර“ ලෙසයි. අලුත උපන් බිළිඳාගේ දෙමාපියන් වන්නේ ප්‍රසාද් බණ්ඩාර සහ මදුභාෂිනී යාපායි. හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි එම යුවල මේ වන විට රෝමයේ සැන්පියෙට්රෝ නමැති ස්ථානයේ වාසය කරති.

    උපත සිදුවී ඇත්තේ, රෝමයේ සෙන්ට් පිළිප් නේරිස් රෝහල තුළයි. උපත් බර කිලෝ ග්‍රෑම් 4.83ක් වූ බිළිඳා නිරෝගී සුවයෙන් පසුවන බව, ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. අලුත උපන් බිළිඳාට සුබ පැතීම සඳහා රෝම නගරාධිපතිනි වර්ජිනියා රැගී ද රෝහලට පැමිණියාය.

    Latest News