ආර්ථිකයට අත දෙන තාක්ෂණ නගරය

ජන 26, 2019

    තාක්ෂණය පදනම් කරගත් දැනුම් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලියට විශාල වශයෙන් ඒකාබද්ධවීමට හැකිවන අයුරින් තාක්ෂණ නගර ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.

    මෙමගින් නව්‍ය දැනුම හා නවෝත්පාදන ආර්ථික ක්‍රියාවලීන් විධිමත්ව සැලසුම් කිරීම ද සිදු වේ. විධිමත් ආකාරයෙන් හරිත, සුහුරු හා තාක්ෂණ නගරයක් ලෙස මනාව ගොඩනැංවීමට මෙම ව්‍යාපෘතියේ අරමුණයි. 

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන කොරියානු රජයේ විශේෂඥ දැනුමින් මෙම නගරය පුළුල්ව හා විධිමත්ව සැලසුම් කිරීමට අපේක්ෂිතය. නොමිලේ වසරක පමණ කාලයක කළ විශේෂඥ අධ්‍යනයක් මඟින් සැලසුම වඩාත් උපායශීලිව සකස් කොට ඇති බව තාක්ෂණ නගර සංවර්ධන ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ රාහුල සේනානායක පවසයි.

    එමෙන්ම සමාජ අසමානතාව ක්‍රමයෙන් වර්ධනය වන ස්වභාවය පාලනය කිරීමට හෝ අවම කිරීමටත් තාක්ෂණ නගර සංවර්ධන සංකල්පය ඉවහල් කර ගෙන තිබේ. මෙයින් සමාජයේ පවතින විවිධ දුර්වලතාවන් හා අසමාන තත්ත්වයන් හඳුනාගැනීමටත් ඒවාට පිළියම් ලෙස අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් උපදෙස් ලැබී ඇත. මෙම ක්‍රියාවලියේ නියුතු වන නිලධාරීන් මෙම මූලික සිද්ධාන්ත ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම අනිවාර්ය වන බව සේනානායක මහතා තවදුරටත් කීය.

    මීට අමතරව තාක්ෂණ නගර ව්‍යාපෘතිය භෞතික භූමිය හා අවකාශය මත ඉදිවන තාර්කික ආර්ථිකමය උත්පාදනයනට මෙන්ම විශ්මිත දැනුම් හා නවෝත්පාදන සංකීර්ණ භූමිකාවකින් යුක්ත තර්කාන්විත සමාජ ආර්ථීක වපසරියක අවශ්‍යතාවන් හා ප්‍රතිඵලයන්ට සමාන්තරව ඉදිරිපත් කරනු සුවිශේෂ ක්‍රියාවලියක් බව පැහැදිලිය.

     

    Last modified on සෙනසුරාදා, 26 ජනවාරි 2019 10:51

    Latest News