දිවිපරදුවට තබා දරු පවුල බේරාගත් රාම් රාජ් (විඩියෝ)

ජන 12, 2019
  • මහනුවර මහල් ගොඩනැගිල්ලක දී ගින්නට හසුවූ තම දරු පවුල බේරා ගැනීමට දිවි හිමියෙන් ක්‍රියා කළ රාම් රාජ් පිළිබඳව මේ වනවිට රටම දන්නවා.

    ඔහුගේ නිර්භීත ක්‍රියාවත් සමඟ සමාජ මාධ්‍ය තුළත් ඔහු ගැන දැඩි කතාබහක් ඇතිවුණා. කෙසේ වුවත්, රාම් රාජ් සහ ඔහුගේ පවුල මේ වනවිට සිටින්නේ ඉතා අසරණ තත්වයක.

    මහනුවර, යටිනුවර වීදියේ පිහිටි මේ ගොඩනැගිල්ල හදිසියේ ගිනිගැනීමත් සමඟ තම දරු තිදෙනා සහ බිරිඳ බේරා ගැනීමට රාම් රාජ් යුහුසුළුව කටයුතු කළේ දිවි පරදුවට තබමින්. ගින්නෙන් සියලු දෙනාගේ ජිවිත බේරා ගැනුණ ද රාම් රාජ් සතු අනෙකුත් සියලු දේ විනාශ වී ගියා.

    ගොඩනැගිල්ලෙන් පැනීමේදී සිදුවු තුවාල හේතුවෙන් දින කිහිපයක් රොහල්ගත වී ප්‍රතිකාර ලබාගැනීමට ද ඔහුට සිදුවුණා. රාම් රාජ්ගේ පවුල මේ වනවිට මහනුවර, වෛශ්‍යාදාන සංග්‍රහ සමිතියේ මූලස්ථානයේ තාවකාලිකව රඳවා තිබෙනවා.

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, ඔවුන්ට ලබාදිය හැකි සහන පිළිබඳ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා අද එම ස්ථානයට පැමිණියා. එහිදී තම රැකියාව අහිමි වී ඇති බව පැවසූ රාම් රාජ් ඉල්ලා සිටියේ තම පවුලට නිවසක් සහ දරුවන්ට සුදුසු පාසලක් ලබාදෙන ලෙසයි.

    විසිතුරු ආභරණ සැකසීමේ නිරත වෙමින් සිය පවුල රැක බලාගත් රාම් රාජ්ගේ එම උපකරණ සියල්ල ද ගින්නෙන් විනාශ වී ගිහින්.

    ram px 900 19 01 12

     

     

     

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 20:59

    Latest News