සතුන් නිසා වාර්ෂික වගා හානිය 40%ක්

ජන 09, 2019

    මේ වන විට අප රටේ වන සතුන් නිසා සිදුවන වාර්ෂික වගා හානිය 40%ක් බව තහවුරු වී තිබේ.

    වන සතුන්ගෙන් වන වගා හානි වැළැක්වීමේ අධ්‍යයනයක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනය විසින් සිදු කළ පර්යේෂණයකින් එය අනාවරණය වී ඇත. මෙම වගා හානි නිසා සතුන් කළමනාකරණයටත් බෝග හානිය වළක්වා ගැනීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර තිබේ. වගා හානි කරන්නන් ලෙස වල් ඌරන්, රිලවුන්, මොනරුවන්, දඩුලේනුන්, වල් අලීන් හා ඉත්තෑවන් ලෙස හඳුනාගෙන ඇත. එම හානිය අවම කර ගැනීම සඳහා කෙටි කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග හඳුන්වා දීමට යෝජනා වී තිබේ. මෙහි දී වායු රයිෆල් මෙන්ම පතොරම් තුවක්කු ද ලබා දෙන ලෙස ගොවීන් ඉල්ලීම් කර ඇත.

    නමුත් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ගවලට අවධානය යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ යටතේ, විදුලි වැට ඉදිකිරීම්, නව හඳුන්වා දීම් සඳහා පර්යේෂණ දිරිගැන්වීම්, නිවැරදි වගා ක්‍රම අනුගමනය, සත්ව ආහාර සඳහා ඉවහල් වන ශාක සිටුවීම, වන සතුන් විකර්ශක ශාක සිටුවීම වැනි විකල්ප අදහස් යෝජනා විය.පසුගිය වසර කිහිපය තුළ වන සතුන්ගෙන් වන හානිය හේතුවෙන් පළතුරු බෝග වගාවේ හැර සෙසු ආහාර බෝග වගාවන් මගින් දළ දේශීය නිෂ්පාදනයට ලබා දුන් දායකත්වය අවම වී ඇත.

    Last modified on බදාදා, 09 ජනවාරි 2019 09:34

    Latest News