සෙනසුරුගේ වළලු ගැන අලුත් සොයාගැනීමක්

ජන 18, 2019

    සෙනසුරු ග්‍රහයා වටා ඇති වළලු පද්ධතිය එම ග්‍රහයා බිහි වී විශාල කලකට පසු නිර්මාණය වී ඇති බව විද්‍යාඥයෝ පවසති.

    එම වළලු නිර්මාණය වී ඇත්තේ පෘථිවියේ ජීවය ද බිහිවූ පසු වන අතර ඒ කාලයේ දී ඩයිනෝසරයන් ජීවත්ව සිටි බවත් එනම් මීට වසර මිලියන 100කට පමණ පෙර බව විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති. එමෙන්ම සෙනසුරු ග්‍රහයා නිර්මාණය වී ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ නිර්මාණය වූ සමයේ දී එනම් මීට වසර බිලියන 4.5 කට පෙර බව විද්‍යාඥයෝ අනුමාන කරති.

    වසර 13 ක් පුර කැසිනි අභ්‍යාවකාශ යානය සිදුකරන ලද පරීක්ෂණවලින් පසුව එම තොරතුරු අනාවරණය වී ඇත.

    Latest News