මේ මස අවසන් වීමට පෙර, ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිවේදනය නිකුත් කරන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති , ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.
ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට ශ්රේෂ්ඨාධිකරණයේ සිටින ජ්යෙෂ්ඨතම විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.
‍ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණය වන ඉන්දීය මහ මැතිරවණයේ ඡන්දය ගණන් කිරීම අද ආරම්භ වුණා.
ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර කාලය තුළ පැවැත්වෙන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපතිවරයා අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්විම සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළදි සිදු කරන බවයි.

මැතිවරණ විශේෂ විධිවිධාන පනත මගින් නව පනතක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

අප්රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය දෙවැනි වරටත් කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස් වුණා. ඒ, එ‍ලඹෙන පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම, හෙට සිදු කෙරෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00ට රැස් වීමට නියමිතයි.

2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව නොමැති නම් හෝ ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

Latest News