ජනාධිපතිවරණය වැළැක්වීමේ පෙත්සම සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ජූලි 05, 2024
    ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට ශ්රේෂ්ඨාධිකරණයේ සිටින ජ්යෙෂ්ඨතම විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

    මෙම විනිසුරු මඩුල්ල නම් කර තිබෙන්නේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින්.

    ඒ අනුව අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්රනාන්දු, ප්රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා යන මහත්ම මහත්මීන් නම් කර තිබෙනවා.
     
    මෙම පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 8 වැනිදා කැඳවීමට නියමිතයි.
     
    ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන්වන දින වකවානු සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා.

    Latest News