සිංහයින්ට සුපිරි ජයක්

සැප් 29, 2024
    ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 154 ක ජයක් හිමිකර ගැනීමට ශ්රී ලංකාව සමත්වුණා.

    ඒ අනුව, ශ්රී ලංකාව තරගාවලිය ජය ගත්තේ, තරග දෙකට බිංදුවක් ලෙසයි.

    තරගය, ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැත්වුණා. තරගයේ පළමු ඉනිමට ශ්රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 602 ට පිලිතුරු ලෙස නවසීලන්ත ක්රීඩකයින්ට සිය පළමු ඉනිම සඳහා රැස් කර ගත හැකි වූයේ ලකුණු 88 ක් පමණයි.
     
    අනුව, ඉනිමක පරාජයකින් බේරීම සඳහා නවසීලන්තය දෙවැනි ඉනිම ආරම්භ කළා. අද සිව් වැනි දිනට තරගය ආරම්භ කරන විට නවසීලන්ත ක්රීඩකයින් දෙවැනි ඉනිම සඳහා කඩුලු 5 ක් දැවි, ලකුණු 199 ක් ලබා සිටියා.
     
    නොදැවි පන්දුවට පහර දෙමින් සිටියේ, ග්ලෙන් ෆිලිප්ස් සහ ටොම් බ්ලූන්ඩල්. දිනයේ පළමු කඩුල්ල ලෙස ටොම් බ්ලූන්ඩල් ලකුණු 60 කට දැවී ගියා.
     
    ග්ලෙන් ෆිල්ප්ස් ලකුණු 78 යි. නායක ටිම් සවුති ලකුණු 10 යි. නවසීලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 360 කට සීමා වුණා.
     
    දක්ෂ පන්දු යැවීමක නිතර වූ නිශාන් පීරිස් කඩුලු 6 ක් දවා ගත්තා. මෙය ඔහුගේ පළමු ටෙස්ට් ක්රිකට් තරගය වීම විශේෂත්වයක්. ප්රභාත් ජයසූරිය කඩුලු 3 යි.
     
    තරගාවලියේ වීරයා කමිඳු මෙන්ඩිස්. ප්රභාත් ජයසූරියට තරගයේ වීරයා සම්මානය හිමි වුණා.

    Latest News