තායිලන්තයේ බිහිසුණු අනතුරක්

ඔක් 01, 2024
    තායිලන්තයේ සිදුවූ බස් රථ අනතුරකින් පාසල් ළමුන් 20 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    එරට බැංකොක් අගනුවරට ආසන්න ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    තායිලන්තයේ ප්‍රාථමික පාසල් ළමුන් සහ ගුරුවරුන් රැගත් පාසල් බස් රථයක් බැංකොක් අගනුවරට ආසන්න ප්‍රදේශයේදි ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
    පාසල් ක්ෂේත්‍ර චාරිකාවකට ‍ගොස් යළි පැමිණෙමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
    අනතුර සිදුවන අවස්ථාවේදී පාසල් ළමුන් සහ ගුරුවරුන් 44 දෙනෙකු සිටි බව බලධාරීන් පවසනවා.
    මුදා ගැනීමේ කණ්ඩායම් කියා සිටියේ 19 දෙනෙකු බේරා ගැනීමට සමත් වූ බවයි.
    ඔවුන් මේ වනවිට රෝහල් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව සඳහන්. බස් රථයේ සිටි ඇතැම් පාසල් ළමුන් සහ ගුරුවරුන් පිළිබඳව තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
     

    Latest News