සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි නැවත සමීක්ෂණ දින මෙන්න

සැප් 29, 2024
    2023 අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනූව, එම අයදුම්පත් ඔක්තෝබර් 01 දා සිට 14 වැනිදා දක්වා සිදුකරන බව එහි සඳහන්.

    තවද ප්රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්යනම් 1911 ක්ෂණික දුරකථන අංකයෙන් හෝ 011 2 785 922, 0112 786 616, 011 2 784 208 හෝ 011 2 784 537 යන අංක ඇමතීමෙන් විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
     
    2023 අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල ඊයේ (28) මධ්යම රාත්රී නිකුත් කෙරුණා.
     
    ඒ අනුව, විභාග ප්රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
     
    සියලු විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර අදාළ පාසලේ විභාග ප්රතිඵල ලේඛනය බාගත කර මුද්රිත පිටපතක් ලබා ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා.
     
    මෙවර සාමාන්ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 387,648ක් පාසල් අයදුම්කරුවන්.
     
    65,331 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටියා.
     
    පසුගිය මැයි මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා විභාග මධ්යස්ථාන 3,527 කදී විභාගය පවත්වනු ලැබුවා.

    Latest News