ඊශ්‍රායලෙන් හිස්බුල්ලා සටන්කාමීන්ට පිට පිට පහර දෙයි

ඔක් 01, 2024
    ඊශ්‍රායල හමුදාව හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර දකුණු ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාර ආරම්භ කර තිබෙනවා.
    ඊට ගුවනින් ද සහය වන බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.
    බේරූට් අගනුවරටද ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රහාර සීමිත හා විශේෂිත මෙහෙයුම් ලෙස ක්‍රියාත්මකයි.
    ඉකුත් මාසයේ ඊශ්‍රායල ඉලක්ක වෙත හිස්බුල්ලා ප්‍රහාර එල්ල වීමෙන් පසු ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය මෙම ප්‍රහාර ආරම්භ කළා.
    දේශසීමා ආසන්නයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ යටිතල පහසුකම් ඉලක්ක කර සිදු කෙරෙන වැටලීම් පිළිබඳව ඊශ්‍රායලය දැනුම් දී ඇති බව එක්සත් ජනපද නිලධාරීන් පවසනවා.
    හිස්බුල්ලා බලකොටු ලෙස හැඳින්වෙන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල වී තිබෙනවා.
    පසුගිය සතියේ ඊශ්‍රායල ප්‍රහාරවලින් හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඇතුළු ඉහළ පෙළේ නායකයන් කිහිප දෙනෙකු ඝාතනයට ලක් වූ අතර ඊට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට අඛණ්ඩව රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ඉල්ලා ඇති අතර ඊශ්‍රායලය ඊට කනස්සල්ල පළ කර තිබෙනවා.
    ලෙබනනයේ පවතින ගැටුම් හේතුවෙන් ලක්ෂයක පමණ පිරිසක් මේ වන විට සිරියාවට පලා ගොස් තිබෙනවා.
    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2024 10:43

    Latest News