18න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

සැප් 29, 2024
    වයස අවුරුදු 18න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.
    තරගාවලිය පැවැත්වුණේ, මැලේසියාවේදී.
    ඊයේ ආරම්භ වූ තරගාව‍ලියේ පළමු තරගයෙන් තායිලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාව ලකුණු 27ට 0ක් ලෙස ‍ජය වාර්තා කළා.
    අනතුරුව, චීන තායිපේ කණ්ඩායම සමග පැවති තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ, 29ට 12ක් ලෙසයි.
    හොංකොං කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 17ට 17ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
    බෲනායි කණ්ඩායම තරගාවලියට සහභාගී නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව එම තරගයෙන් නිතරඟ ජයක් හිමිවුණා.
    ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ තෙවන ස්ථානය සඳහා තරගයට සුදුසුකම් ලැබුවා. ඔවුන් අද එම තරගයට ක්‍රීඩා‍ කළේ, සත්කාරක මැලේසියාවට එරෙහිවයි.
    එම තරගය ලකුණු 17ට 14ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගාවලියේ තෙවන ස්ථානය දිනාගත්තා.
    Last modified on ඉරිදා, 29 සැප්තැම්බර් 2024 18:08

    Latest News