සවසට මහා වැස්සක්

සැප් 30, 2024
    දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසිද ඇති විය හැකියි.

    දකුණු පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News