හංවැල්ල රත් කළ වෙඩිල්ල

ඔක් 01, 2024
    හංවැල්ල නෙළුවන්තුඩුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා.
    වෙඩික්කරු එම ව්‍යාපාරිකයාගේ නිවසටම පැමිණ ප්‍රහාරය එල්ල කර ඇති බවයි හංවැල්ල පොලීසිය පවසන්නේ.
    ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 55 හැවිරිදි දෙදරු පියෙක්.
    ඔහු භාවිත කරන ලද රථවාහන මිලදී ගෙන, අලෙවි කිරීමේ හා රථවාහන අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටි අයෙකු වනවා.
    බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් සිටි බවයි පොලීසිය පවසන්නේ.
    එම ව්‍යාපාරිකයා 2021 වසරේදීද කප්පම් මුදලක් ලබා නොදීමේ සිද්ධියක් හේතුවෙන් වෙඩි ප්‍රහාරයකට ලක්ව දිවි ගලවාගෙන තිබෙනවා.
    සිද්ධිය සම්බන්ධ‍යෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. 

    Latest News