ගාලු මුවදොර නවතා ඇති වාහනවලට මොකද වෙන්නේ?

සැප් 30, 2024

    ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන සම්බන්ධයෙන් පළ වන විවිධ මත පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා.

    නව ජනාධිපතිවරයා පත් වීමත් සමග පසුගිය දින කිහිපය තුළ කළ දැනුම් දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත බාර දුන් රථ වාහන 107 ක් මේ වන විට එම කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල් කර තිබෙනවා.

    මෙම වාහන, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ රථ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා සිය ධුර කාලය තුළ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ රථ වාහනයි.

    ඒවා, එම පරිශ්‍රයේ ගාල් කර ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩකඩ නොමැති නිසා පමණක් වන අතර, කිසිසේත්ම ඒ ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බව ද ජනාධිපති කාර්යාලය පවසනවා.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට අදාළව පසුගියදා ලබා දුන් උපදෙස් පරිදි මෙම රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත්, කටයුතු සකස් කරමින් තිබෙන බව ද ජනාධිපති කාර්යාලය අවධාරණය කරනවා.

    1

    2

    3

    4

    5

    6

    7

    8

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2024 16:10

    Latest News