සනත්ගේ සේවය දිගු කෙරේ

සැප් 29, 2024

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණු, සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

    සනත් ජයසූරිය මහතා තාවකාලික පුහුණුකරු ලෙස පත්කෙරුණේ, හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් මහතාගේ ඉවත්වීමත් සමගයි.

    සනත් ජයසූරිය මහතාට තාවකාලික පුහුණුකරු ධුරය ලබා දුන්නේ, මෙරටදී, පසුගියදා නිමා වූ ඉන්දීය තරගාවලිය සහ එංගලන්තයේ දී නිමා වූ ටෙස්ට් තරගාවලිය සඳහා යි.

    අනතුරුව නවසීලන්ත ටෙස්ට් තරගාවලිය දක්වා එම තනතුර දීර්ඝ කිරීමට ද ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය තීරණය කළා. කෙසේ වෙතත්, මේ වන විට වාර්තා වන්නේ, ඔහුට තවත් වසරක කාලයක් සඳහා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ලබා දී ඇති බවයි.

    සනත් ජයසූරිය මහතාගේ පුහුණු කාරිත්වය යටතේ, ශ්‍රී ලංකාව - ඉන්දියාවට එරෙහිව මෙරට දී එක්දින තරගාවලි ජයක් වාර්තා කළ අතර, එංගලන්තයට ‍එරෙහිව ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ද ජයග්‍රහණය කළා. ‍

    මේ අතර, අද නවසීලන්තය සමග අවසන් වූ ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගත්තේ, තරග දෙකට බිංදුවක් ලෙසයි.

    Latest News