උප්පැන්න නැති දරුවන්ට උප්පැන්න ලබාදීමේ වැඩපිළිවෙලක්

ඔක් 03, 2024
    උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

    පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව දිවයින පුරා උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනාගනිමින් ඔවුනට එම සහතික ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

    මේ වන විටත් සැලකිය යුතු ළමුන් පිරිසක් උප්පැන්න සහතික නොමැතිව විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බවට වාර්තා වී ඇති බැවින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.
    ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවය කරනු ලබන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මගින් මෙම ක්‍රියාවලිය මෙම මාසය පුරා සිදු කෙරේ.
    මෙම වැඩසටහන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමෙන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව ඔක්තෝම්බර් මාසය පුරා කිසිදු අයකිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

    Latest News