හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු විසින් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාලව ගෙවීමට නියම වූ සම්පූර්ණ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බව ඔවුන්ගේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
අදාල පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණා.
මෙම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්
රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්
රධානී සිසිර
මෙන්ඩිස් යන මහත්වරු විසින් මීට පෙර තමන්ට නියම වූ වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබුණා.