තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

ඔක් 01, 2024
    මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වනවා.

    මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඔක්තෝබර් 8 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා අයදුම්පත් භාරගැනීම සිදුකරන බවයි.

    නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනයයි.
    ඒ අනුව තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛන අද සිට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.
    ඒ අනුව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලුම ග්‍රාම නිලධාරි කාර්යාලවල සහ තෝරාගත් තවත් ස්ථාන කිහිපයකදී ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි.

    Latest News