නව මැතිවරණ පනතක්

ජූනි 13, 2023

    මැතිවරණ විශේෂ විධිවිධාන පනත මගින් නව පනතක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

    මැතිවරණ අපේක්ෂකයන් චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කළ විට, අදාළ ක්‍රියාමාර්ග ගැනීම, මැතිවරණ දින නියමිත ඡන්ද මධ්‍යස්ථානයේදී, ඡන්දය භාවිත කළ නොහැකි වන පුද්ගලයින් සඳහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති විට මාධ්‍ය උපමාන උල්ලංඝනය කරන අවස්ථාවන්හි දී නෛතික පියවර ගැනීමට හැකි වන ලෙස අදාළ මැතිවරණ පනත් සංශෝධනය කිරීම වෙනුවට මෙම නව පනත හඳුන්වා දීමට නියමිතයි.

    අදාළ පනත් කෙටුම්පත සකස් කරන ලෙස, නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම පිණිස අදාළ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ, ජනාධිපතිවරයා විසින්.

    Latest News