ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිසමට ලැබෙන පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා පොලීසියේ 54,000 ක් යොදවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පවසනවා.

ජනාධිපතිවරණයේදි තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා‍.

මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
හෙට (26) සිට ජනාධිපතිවරණය අවසන් වනතුරු සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා සිටින පිරිස ලක්ෂ 7 ඉක්මවා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
මෙවර ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් එක් ඡන්ද දායකයෙකු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රු.109.00 කට සීමා කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් 40 දෙනෙකු අතරින් 39 දෙනෙකු අද නාමයෝජනා බාර දුන්නා.
2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා අපේක්ෂකයින් 29 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

Latest News