මාර්ග්බර්ග් රුවන්ඩාව කළඹයි

ඔක් 06, 2024
    රුවන්ඩාව තුළ මාර්ග්බර්ග් වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් උද්ගතව ඇති බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා.
    මෙම තත්වය පවතින්නේ, මාසයක පමණ කාලයක සිටයි. ඉකුත් සතිය වන විට, වෛරසය ආසාදිත 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබු බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
    වෛරසය මැඩපැවැත්වීම සඳහා පරීක්ෂණාත්මක එන්නත් සහ ප්‍රතිකාර පිළිබඳ සායනික අත්හදා බැලීම් ආරම්භ කර ඇති බව, රුවන්ඩා සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා. මාර්ග්බර්ග් වෛරසය, ඉබෝලා වෛරසයේ ප්‍රභේදයට අයත් එකක් බව, විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
    මෙම වෛරසය ශරීර ගත වීමෙන් රක්තපාත උණ හට ගන්නා අතර, රුධිර නාල බිත්තිවලට දැඩි හානි සිදු වන බවයි, හෙළි වී ඇත්තේ.
    සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, එමගින් මාරාන්තික ප්‍රතිඵල ඇති විය හැකි බවයි.
    මාර්ග්බර්ග් වෛරසය, දුර්වල ප්‍රතිශක්තීකරණයක් සහිත පුද්ගලයින්ට ආසාදනයවීමෙන් දරුණු රෝගාබාධවලට මෙන්ම මරණයට පත් වීමේ අවදානමද ඉහළ මට්ටමක පවතින බව, තහවුරු වී තිබෙනවා.
    ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වෛරසය වැලැදෙන පිරිසෙන් අඩක් පමණ මිය යන බව, පෙන්වා දෙනවා.
    #SLRC #RupavahiniNews #Rupavahini

    Latest News