ශිෂ්‍යත්ව ගැටළුව ගැන අගමැතිනිය කරුණු විමසයි

සැප් 27, 2024
    5 වසර ශිෂ්යත්ව විභාගය පිළිබඳව මතුවී ඇති ගැටලුව සම්බන්ධව

    2024.09.15 දින පවත්වන ලද 5 වසර ශිෂ්යත්ව විභාගයේ ප්රශ්න කිහිපයක් පිටවී ඇති බව සඳහන් කරමින් මේවන විට උද්ගත වී ඇති ගැටලුකාරි තත්වය සම්බන්ධයෙන් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අද දින (26) අධ්යාපන අමාත්යාංශයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.

    ඒ අනුව පහත ක්රියා මාර්ග ගෙන ඇති බව අධ්යාපන අමාත්යාංශය විසින් දැනුම් දී තිබෙනවා.
     
    ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් මූලික අභ්යන්තර විමර්ශනයක් සිදු කර සිදුවීමට සම්බන්ධ යැයි සැකකරන නිලධාරීන් පිළිබඳ වාර්තාවක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනවා.
     
    ඒ අනුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කොට සැක කටයුතු තැනැත්තකු අත්අඩංගුවට ගෙන තිබේ.
     
    එම විමර්ශන කටයුතු ඉතා කඩිනමින් අවසන් කරන බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
    ඒ අනුව වැරදි කරුවන් සම්බන්ධව නීතිමය ක්රියාමර්ග ගනු ඇත.
     
    එසේම අග්රාමාත්යවරිය විසින්, විභාග ඇගයීම් ක්රමවේදය පිළිබඳ දේශීය හා විදේශීය විශේෂඥ කණ්ඩායමකින් යුත් ස්වාධීන කමිටුවක් පත්කර ඉක්මනින් නිර්දේශ ලබා ගැනීමට උපදෙස් දී තිබේ.
     
    මෙම ගැටලුව දෙමව්පියන්ට සහ දරුවන්ට ඉතා සංවේදි කරුණක් වන හෙයින් ලැබෙන වාර්තා අනුව දරුවන්ට කිසිදු පීඩනයක් හෝ අසාධාරණයක් නොවන පරිදි ද ඔවුන්ගේ උපරිම යහපත සුරක්ෂිත වන පරිදි ද ඉතා කඩිනමින් සුදුසු ක්රියාමාර්ග ගැනීම සඳහා අග්රාමාත්යවරිය නිසි උපදෙස් දැනටමත් ලබා දී තිබෙනවා.

    Latest News