හූති සටන්කමින්ගේ ඉලක්ක 15 කට අමෙරිකානු ප්‍රහාර  

ඔක් 05, 2024

    යේමනයේ, හූති සටන්කමින්ගේ ඉලක්ක 15 කට ප්‍රහාර එල්ල කළ බව, අමෙරිකාව පවසනවා.

    එරට "සනා" අගනුවර ද ප්‍රහාරවල ඉලක්කය වී ඇති බවටයි, අමෙරිකානු බලධාරින් ප්‍රකාශ කරන්නේ. රතු මුහුදේ නාවික ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කරන බව, පෙන්ටගනය ප්‍රකාශ කරනවා. ප්‍රහාරවලින් පසු යේමනයේ "සනා" අගනුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයක පිපිරීම් වාර්තා වී තිබෙනවා. මැදපෙරදිග කලාපයේ ඇති එක්සත් ජනපද හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, හූති සටන්කාමීන්ට අයත් යුධ පද්ධති, කඳවුරු සහ සෙසු උපකරණ ප්‍රහාරවල ඉලක්කය වූ බවයි.

    ඉකුත් සඳුදා "හූතී" කරලිකරුවන්, යේමනයේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ අමෙරිකානු ඩ්‍රෝන යානයක් විනාශ කර තිබෙනවා. මේ අතර, ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.  "බේරූට්" අගනුවරට දකුණු දෙසින් ඇති ප්‍රදේශවල ඊශ්‍රායලය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ නිසා එම ප්‍රදේශවල විදුලිය විසන්ඳි වී ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News