ජීවිත බිලිගන්නා තවත් වෛරසයක්

සැප් 30, 2024
    රුවන්ඩාවේ ‘මාර්බර්ග්’ නමැති වෛරසය පැතිර යාමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව, එරට සෞඛ්‍ය ආමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
    තවත් රෝගී තත්වයෙන් පසු වන පුද්ගලයින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි, වාර්තා වන්නේ.
    ඉකුත් සිකුරාදා දිනයේ වෛරසය වැළැදුනු රෝගීන් 20 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. ‍
    ‘මාර්බර්ග්’ වෛරසය, ඉබෝලා වෛරස් පවුලට අයත් වෛරස් කාණ්ඩායක් ලෙසයි පෙන්වා දෙන්නේ.
    මෙම වෛරස් කාණ්ඩය ද පලතුරු වවුලන්ගෙන් මිනිසුන්ට පැතිර යන වෛරස් කාණ්ඩයක්ලෙසයි, පෙන්වා දෙන්නේ.
    උණ, මාශ පේශි වේදනාව, පාචනය, වමනය සහ රක්තහීනතාවය වැනි රෝග ලක්ෂණවලින් මිය යා හැකි බවයි, පෙන්වා දෙන්නේ.
    වෛරසය සඳහා නිශ්චිත ප්‍රතිකාර හෝ එන්නතක් නොමැති නමුත්, තවමත් හඳුනාගෙන නොමැති බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

    Latest News