ඊශ්‍රායලයෙන් ලෙබනනයට බෝම්බ ප්‍රහාර මාලාවක්

ඔක් 04, 2024
    ලෙබනනයේ බේරූට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයට ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.
    ඒ අසල විශාල පිපිරීම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
    ලෙබනන් නගරයේ හිස්බුල්ලා සාමාජිකයින් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙනවා. එහිදී ඇතිවූ ගැටුම්වලින් සොල්දාදුවන් දෙදෙනෙකු මියගියා.
    ඊශ්‍රායල හමුදාව හිස්බුල්ලා ආක්‍රමණය නොකඩවා සිදු කරන අතර ප්‍රධාන නගර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ 20කින් ජනතාවට ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.
    ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව අදහස් දක්වා නැති නමුත්, දේශසීමා ආසන්නයේ හිස්බුල්ලා සටන්කාමීන් කිහිපදෙනෙකු ඝාතනය කළ බව ප්‍රකාශ කළා.
    හිස්බුල්ලා සටන්කාමීන් පවසන්නේ තමන් දේශසීමා දෙපස ඊශ්‍රායල හමුදා ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි.

    Latest News