හිස්බුල්ලා නායකයා ඉලක්කර ඊශ්‍රායලය බේරුට් වනසයි

සැප් 28, 2024

    හිස්බුල්ලා නායකයා ඉලක්ක කර, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඊයේ ලෙබනනයේ "බේරූට්" අගනුවර වෙත ප්‍රහාර එල්ල කර  තිබෙනවා.

    එක්සත් ජනපද මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, හිස්බුල්ලා නායකයා රැදී සිටි බවට සැක කෙරෙන ගොනැගිලි කිහිපයක් ඉලක්කකර, ප්‍රහාර සිදු කර ඇති බවයි. ‍හිස්බුල්ලා සංවිධානයේ නායක, හසන් නස්රල්ලා ඉලක්ක කර ඊශ්‍රායල ආරක්‍ෂක හමුදාව ලෙබනනයේ බේරූට් අගනුවර වෙත ප්‍රහාර එල්ල කළ බව, එක්සත් ජනපද මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    එහෙත් ඊශ්‍රායල ආරක්‍ෂක හමුදාව, හිස්බුල්ලා නායකයා සිය ප්‍රහාරවල ඉලක්කය වූ බවට මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නැහැ. කෙසේ වුවද, හිස්බුල්ලා සංවිධානයේ මූලස්ථානයට ඉතා සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව, එම හමුදාව පවසනවා. ඊශ්‍රායල ප්‍රහාර එල්ල වන අවස්ථාවේ හිස්බුල්ලා නායකයා එහි රැදී සිටි බවට මෙතෙක් තහවුරු වි නැහැ.

    බේරූට් අගනුවර දකුණු ප්‍රදේශයට අඛණ්ඩව ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ බවයි, වාර්තා වන්නේ. ‍හිස්බුල්ලා සංවිධානයට අයත් ආයුධ ගබඩා පිහිටි ගොඩනැගිලිවලට ඉලක්කගත ප්‍රහාර තවදුරටත් එල්ල කරන බව ද, ඊශ්‍රායල ආරක්‍ෂක හමුදාව පවසනවා. ඉකුත් සඳුදා සිට ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය පිරිස 800 කට ආසන්න බවයි, ලෙබනන බලධාරින් පවසන්නේ.

    Latest News