විමල් වීරවංශයට එරෙහි නඩුවක සාක්ෂි විභාගය කල්යයි

සැප් 30, 2024
    2016 වසරේ එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මාර්ග අවහිර කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වන දා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
    මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
    එහිදී පොලිස් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වනදා දක්වා කල් දැමුවා.
    2016 වසරේ එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුමුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මං මාවත් අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කළේ යයි චෝදනා කොට හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වීර කුමාර දිසානායක, මොහොමඩ් මුසම්මිල්, රොජර් සෙනෙවිරත්න ඇතුළු පිරිසකට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News