පුංචි ඡන්දය ගැන අදත් සාකච්ජාවක්

අප්‍රේ 11, 2023

    මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස් වුණා. ඒ, එ‍ලඹෙන පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත් වුණා.

    එහිදී අවධානය යොමු කෙරුණු කරුණු සම්බන්ධයෙන් අද දින කොමිෂන් සභාව තවදුරටත් සාකච්ඡාකොට, ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙනු ඇති.

    මේ අතර, ඡන්ද විමසීම කල් දැමීම සම්බන්ධයෙන් පැ‍ෆ්රල් සංවිධානය අද අදහස් පළ කළා.

    Latest News