කමිඳුගෙන් ලෝක වාර්තාවක්

සැප් 27, 2024
    වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පිහිටුවීමට නොහැකිවූ ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්වුණා.

    පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙසද කමිඳු මෙන්ඩිස් ඊයේ (26) දින වාර්තා අතරට එක්වුණා.

    පාකිස්තානයේ සාවුඩ් සකීල් මිට පෙර තමන් ක්‍රිඩා කළ පළමු ටෙස්ට් තරග හතේදී ලකුණු 50 සීමාව ඉක්මවා ලකුණු රැස්කරගෙන තිබුණි.
    නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී ඔහු මෙම වාර්තාව තැබුවා.
    එහිදී නොදැවී ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා සිටියේය.
    Last modified on සිකුරාදා, 27 සැප්තැම්බර් 2024 08:03

    Latest News