උද්ධමනය පහළට

සැප් 30, 2024
    කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතිකය, සැප්තැම්බර් මාසය සඳහා සියයට සෘණ බින්දුවයි දශම 5 ක් දක්වා අඩු වී ඇති බව, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
    පසුගිය අගෝස්තු මාසයේදී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය දැක්වුණේ, සියයට බින්දුවයි දශම 5 ක් ලෙසයි.
    ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය, අගෝස්තු මාසයේදී බින්දුවයි දශම 8 ක් ලෙස වාර්තා වූ අතර, සැප්තැම්බර් මාසයේදී එය සියයට සෘණ බින්දුවයි දශම 3 දක්වා අඩු වී තිබෙනවා.
    අගෝස්තු මාසයේදී සියයට බින්දුවයි දශම 4 ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද සියයට සෘණ බින්දුවයි දශම 5 ක් දක්වා අඩු වී තිබෙන බවයි, එම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.
    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2024 16:21

    Latest News