ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරය‍ා ජනපති හමු වෙති

ඔක් 02, 2024

    අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා හමුවීමි.

    මෙහිදී නව පාලනය වෙත උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ස්ටීවන්ස් මහතා, ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් කැපවී සිටින බව ද ප්‍රකාශ කළේය.

    එමෙන්ම, සමුද්‍රීය ආරක්ෂාව, දේශසීමා පාලනය සහ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා තම රජයේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට සහතික වූ ඔහු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට තම රජයේ සහාය හිමිවන බවත්, මෙරට තුළ සෘජු විදේශ ආයෝජන (FDIs) ප්‍රවර්ධනය කිරීමට ඕස්ට්‍රේලියාව උනන්දුවෙන් පසුවන බවත් මෙහිදී සඳහන් කළේය.

    තවද, ආයෝජකයින්ගේ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක අංගයක් ලෙස ආර්ථිකයේ විනිවිදභාවය පවත්වා ගැනීමේ වැදගත්කම ද ස්වටීවන්ස් මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2024 16:15

    Latest News