2022 ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කිරීම හෝ අදාල සංශෝධන සිදුකිරීම ග්රාම නිලධාරීවරයා සම්බන්ධ කර ගැනීමෙන් සිදුකළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.
කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2022 ඡන්ද හිමි නාමලේඛනය සඳහා වන බී.සී. ආකෘති පත්ර නිවෙස් වෙත බෙදාහැරීම මෙවර සිදු නොකරන බව ද සඳහන්.
2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්රතිශෝධන කටයුතු පසුගිය පළමුවැනිදා ආරම්භ වූ අතර එම කටයුතු ලබන ජුනි මස 15 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.