ඉරානයේ දින 5ක ශෝක කාලයක්

සැප් 29, 2024
    හිස්බුල්ලා සංවිධානයේ නායකයාගේ මරණය ඓතිහාසික හැරවුම් ලක්ෂයක් බව, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

    මේ අතර, ‍හිස්බුල්ලා නායකයාගේ මරණය වෙනුවෙන් පලි ගැනීමකින් තොරව සාධාරණය ඉටුකළ නොහැකි බව, ඉරානය පවසනවා.

    ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්‍ෂයට පත් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා වෙනුවෙන් ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි, එරට දින 5 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
    ඉරාන ආධ්‍යාත්මික නායකයා අවධාරණය කරන්නේ, හිස්බුල්ලා නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයෙන් පලි ගන්නා බවයි. ඊශ්‍රායල ආරක්‍ෂක හමුදාව ඉකුත් සිකුරාදා ලෙබනනයේ බේරූට් අගනුවර පිහිටි ගොඩනැගිලිවලට ගුවන් ප්‍රහාර රැසක් එල්ල කළා.
    එහිදී හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා සහ හිල්බුල්ලා රොකට් ප්‍රහාරක බලඝනයේ නායකයා ඇතුළු සන්නද්ධ ප්‍රබලයන් කිහිප දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබුණා.
    හිස්බුල්ලා නායකයා සිය ප්‍රහාර හමුවේ මිය ගිය බව, ඊශ්‍රායල රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. අනතුරුව හිස්බුල්ලා සංවිධානය ද සිය නායකයාගේ මරණය පිළිබඳව නිවේදනයක් මගින් තහවුරු කළා.‍

    Latest News