හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහි නඩුවක් කල් යයි

සැප් 27, 2024
    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දුන් බවට චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව ලබන 04 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

    අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග වුණා.

    එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු අමල් රණරාජා මහතා අභියාචනාධිකරණයට උසස් වීමක් ලබා ගොස් ඇති බැවින් එම පුරපාඩුවට වෙනත් විනිසුරුවරයකු පත් කරන තුරු නඩුව ලබන 04 වනදා දක්වා කල්තබන බව නියෝග කලා.
    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 53 කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කොට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවක ස.තො.ස ආයතනයේ සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News