පූර්ණ බලය යොදා සටන් වදින්නැයි නෙතන්යාහුගෙන් නියෝග

සැප් 27, 2024
    හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමට එරෙහිව "පූර්ණ බලය යොදා අඛණ්ඩව සටන් වදින්නැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබෙනවා.
    සටන් විරාමයක් සඳහා එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් විසින් කරන ලද ඉල්ලීම් ඔහු නොසලකා හැර ඇති බවයි වාර්තා වන්නේ.
    ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඉකුත් බ්‍රහස්පතින්දා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 92 දෙනෙකු මිය ගොස් ඇති අතර, පසුව ප්‍රහාර උත්සන්න වූ අවස්ථාවේ සිට තවත් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
    බේරූට් හි දකුණු දෙසින් මහල් ගොඩනැගිල්ලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින්ද එහි ඩ්‍රෝන ඒකකයේ ප්‍රධානියා මියගිය බව හිස්බුල්ලා සංවිධානය තහවුරු කර තිබෙනවා.
    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සඳුදා සිට ලෙබනනයට ඊශ්‍රායල ප්‍රහාර උත්සන්න වීමෙන් පසු, ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර පූර්ණ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් හටගෙන ඇති බවයි.

    Latest News