ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

සැප් 30, 2024
    අද දින (30) සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.

    බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි, කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
     
    අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට ආරක්ෂිත පියවර -
    * එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින්න.
    * කුඹුරු තේ වතු, ක්රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැදී සිටීමෙන් වළකින්න
    * රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින්න.
    * බයිසිකල්, ට්රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින්න.
    * තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැළකිලිමත් වන්න.
    * හදිසි තත්වයක දී ප්රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහය පතන්න.
     

    Latest News