පළමු තරඟයේ ජය පකිකස්ථානු කාන්තා පිලට

ඔක් 04, 2024
    ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 31 කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

    ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 116 ක් ලබා ගත්තා.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි හා චමරි අතපත්තු කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 85 ක් පමණයි.

    Latest News