"කොවිඩ් 19" වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනූව තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරන ලබන බව මැතිවරණ කොමිසම පවසයි.

තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම හෙට දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. එය අවසන් වීමට නියමිතව තිබුණේ අද දිනයේදී.

ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම අද (12) ආරම්භ වනවා.

එළැඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් දිවයිනේ මැතිවරණ කොට්ඨාස 22 සඳහා තේරීම් බාර නිලධාරීන් ලෙස එම පරිපාලන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කර තිබේ. මැතිවරණ කොමිසන් සභාව වෙත මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ පත් කිරීම සිදු කෙරිණ.

මැතිවරණයට අදාළ පැමිණිලි බාර ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ආගමික සිද්ධස්ථානවල දේශපාලන රැස්වීම් පැවැත්වීම හා ආගමික උත්සවවල දී දේශපාලන කටයුතු සිදුකිරීම නුසුදුසු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඉදිරි මැතිවරණය සඳහා නිලධාරීන් සූදානම් කිරීම අද ආරම්භ කෙරිණ. ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින්.

මැතිවරණයට මුහුණදීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සන්ධානගත වීම මෙවර විශේෂත්වයක්. 

පාර්ලිමේන්තුව විසුරු හැරීමේ අති විශේෂ ගැසට් පත්‍රයට අනූව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කරගැනීම සඳහා මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස අප්‍රේල් මස 25 වැනිදා නියම කර තිබේ.

Latest News