හයිටියේ දරුවන්ට ඉල්ලවූ මිලේච්ඡ ප්‍රහාරය

ඔක් 05, 2024

    හයිටි රාජ්‍යයේ කුඩා නගරයකට සන්නද්ධ කල්ලියක් එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 70 දෙනෙකු මියගොස් තිබෙනවා.

    16   දෙනෙකු තුවාල ලබා ඇති බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. "ග්‍රැන් ග්‍රීෆ්" නමැති සන්නද්ධ කල්ලියක සාමාජිකයින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි, වාර්තා වන්නේ. හයිටි රාජ්යවයේ "පොර්ට්-ඔ-ප්‍රින්ස්" අගනුවරට කිලෝමීටර 71 වයඹ දෙසින්  ඇති කුඩා නගරයකට එම කල්ලියේ සාමාජිකයින් කඩා වැදී, එහි සිටි පුද්ගලයින්ට වෙඩි තබා තිබෙනවා.

    ඔවුන් නිවාස 45 ක් සහ  වාහන 34 කට ද ගිනි තබා ඇති බවයි, වාර්තා වන්නේ. "ග්‍රැන් ග්‍රීෆ්" සන්නද්ධ කල්ලිය "හයිටි" රජයේ ඉතා බිහිසුණු කල්ලියක්  ලෙස ප්‍රකට බව, විදෙස් මාධ්‍ය පවසනවා. මෙම සන්නද්ධ කල්ලි මැඩලීමට කෙන්යාවේ නිලධාරීන්ගේ නායකත්වයෙන් යුත් එක්සත්  ජාතීන්ගේ අනුග්‍රහය ලබන පොලිස් මෙහෙයුමක් ඉකුත් ජූනි මාසයේදී ආරම්භ කෙරුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය  අතැතිව මැර කල්ලි මර්දනය කරන බවටයි, හයිටි රාජ්‍යයේ අගමැති ගැරී කොනිල් ප්‍රතිඥා දී ඇත්තේ.

    Latest News